Ads
Thursday, March 12, 2015
සමනල් හීන.
අතීතයෙන් එහා.. බොහොමයක් එහා දි ගෙතුනු හතර බීරී කතාවක් ජීවිතේ රහ රහස් අතර සජීව සුව විදිමින් ඇවිදින්න පටන් ගෙන කාලෙක පටන්. ආරම්භයක් අවසානයක් තියා හරි හැටි හමුවීමක් වෙන්වීමක් වත් නැති පුංචි සමනලයෝ..., උඹයි මේ කතාවේ උරුමක්කාරයා..
වසන්තයේ ඉර බහින හැන්දෑවක මුණ ගැහුණු පුංචි සමනලයෝ,.. උඹේ පාට අමතකයි දැන් මට හොඳටෝම. සුලඟකට පාවෙලා නුඹ ආව වඟ විතරක් ජීවමානයි හැමදාම.
පෙඳ පාසී සීතලට උඹේ ඇඟ සීතලව, රන් පාටින් දිළිසුනු ඒ අවරගිර හැන්දෑවේ සිතුම ආයෙමත් නොඒවී කිසි දාක. ඒත් උඹ දන්නව ද මේ ගිම්හානෙත් රෝස මල් පිපිනවා මෙහේ තාම.
වසන්තය ඉඟිලුනා උඹ ඇවිත් ගිය දාම..
රෝස මල් පරවෙන්නේ නෑ තාම..
දැන් ඉතින් ..
ඇවිත් යන්න වත් එන්න මේ වසන්තයේ, මඟ නෑර..
Labels:
සංසාර සිතිවිලි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment