ජීවිතය කුමක් වුවත් එහි ඇත්ත සහ බොරුව නම් වූ දෙපදයන් ට මූලික තැනක් හිමිව ඇත. සියල් ලෝක සත්වයාගේ බැදීම් සත්‍ය මත ම පදනම් නොවෙති. ජීවිතයේ අස් කොන් වල අඳුරු ලප මෙන් රජයන බොරු ද හුස්ම ඉහල පහළ නොදමයි ද?.
යාථාර්තයෙන් ඔබ්බෙහි ඇති බොරුව නම් වූ අප්‍රසන්න වචනයට මා මෙන් ම බොහෝ මිනිසුන් ද්වේශ කරයි. ඒ තරමටම බියක් දක්වයි. නමුත් හැම විටකම අප ජීවත් වන්නේ බොරුව තුලම මිස ඇත්ත සමඟ නොවේ. බොහෝ ලෝක ධර්මතාවන් මවා පෑමක් යැයි මා කී කළ ඔබ පිලිගන්නවා ද?
පරිකල්පන රුප පද්ධතියක මිනිසුන් දකිනුයේ මතුපිට හැඩ තල මිස එහි සැඟවුණු ඇට කටු නොවෙයි නේද? ප්‍රත්‍යක්ශයෙන් ම ගත් කළ අප බය ඇත්ත නම් වූ දෙයට ට මිස බොරුව ට නොවේ. ගැමියො කතාවට කිව්වේ ඇත්ත තිත්තයි කියලා කට කසනවාට නෙවේ නේ. ඇත්ත තිත්ත , තිත්ත + ජීවිතයට සමඟ සම්මිශ්‍රණය නොකොට කඩ තොළු ඇති තැන් අපි අයිසිං නමින් ව්‍යාජකරණයට නැඹුරු වෙන්නෙමු. එකකින් පටන් ගෙන සිය දහස් වතාවක් අපි මේ ක්‍රියාවෙහිම නියැලෙන්නෙමු. බොරුව තුල ඇති මෘදු මොලොක් බවට අප සියල්ලෝම ලොල් වී ඒ පසු පසම දුවමින් යාථාර්ථයෙන් බොහෝ ලෙස දුරස් වී ඇත්තේ යථාර්ථයේ ගල් බොරළු උඩ ඇවිදින්න අපේ හිත් වල ඇති අකමැත්ත දැයි මා නොදනිමි.
ජීවිත දෝමනස්සයන්, ආදර පෙරළීන් ආදී විවිධ වූ සිදුවීම් දාමයන් තුල අපේ රඟහලට ආගිය පුද්ගලයන් තුල කොතෙකුත් අප්‍රමාණ විවිධත්වයන් ඇද්ද. ඇතැම් මිනිසුන් අපේ දොඩමළුවෙන් සමුගත්ත ද ඔවුන්ගේ හඩ අපේ හිත් වල සදාතකනිකව දෝංකාර නඟයි. එය තීරණය වනුයේ ඔවු න් අප ජීවිත තුළ රඟන රන්ඟණීය චරිතයන්ට ඔහු හෝ ඇය කෙතරම් අවංක වූවද යන්න මත පමණයි.