අතින් ඇල්ලා නැවතිය නොහැකි අසීමාන්තික
සිතුවිලක එල්ලමින් දඟලන හැඟීම් අපි ප්‍රේමය යැයි නම් තබමු. මේ ප්‍රේමය අපේ ජීවිතවල
පැටලෙමින් විවිධ කාල පරයාසයන් තුල දී අනේක
වේශයන් වලින් පෙනී සිටී. විටෙක ප්‍රකෘතිය ලෙසත් විටෙක ආදේශකයක් ලෙසත් තවත් විටෙක
අසම්මතයක් ලෙසත් ආදී විවිධාකාරයෙන්.
මා දකින උත්තරීතරම ප්‍රේමය සිදුහත් යශෝදරා.
ආත්ම ගණනක පාරමිතාවක් ඒ ආරය තුල ගැබ්බරව සංසාරෙන් සංසාරට ඔවුන්ව එක්කලා. නාම මාත්‍රික
ආලයෙන් එහා ගිය ගෞරවණීය ගැඹුරු සිතිවිල්ලක් ආදරය නම් වූ අකුරු හතර තුල ඇති වඟට
ඔවුන්ගේ චරිත කතාවන් වලට පණ දුන් අතීතය සාක්ෂි දරයි. නමුත්, හුදෙක් සිතුවිල්ලක
රැදෙන කතා දාමයක් ඇර වර්තමාණ තාරුණ්‍ය තුල සිදුහත් යශෝදරා ප්‍රේමය ත් මියැදුණු
චරිත පමණයි.
අප කිසිවෙකුගේ හිත් තුළ නොමළ ප්‍රේමයක් ඇති
ද? බොහෝ මිනිසුන්ගේ පිළිතුර ඒ ප්‍රථම ප්‍රේමය වඟයි. නමුත්, මේ තාරුණ්‍ය ප්‍රථම ප්‍රේමය
යට අත් පොත් තබනුයේ පාසල් වියේදීමයි . පැහැදිළිවම කීවොත් හයක් හතරක් නොදන්නා
වියේමයි. පාසල් විය නිමා වත් සමඟ බොහෝ විට මේ ප්‍රේමය නිමාව දකී. යම් කිසි දිනෙක
අතීතය දෙස හැරී බැලූ දාකට මට මෙවන් ප්‍රේමයක් පාසල් වියේ තිබූ වඟ සිහි කොට
උපහාසාත්මක් ව තමාටම සිනාසෙමින් සිහිපත් කරනවා මිස එහි කිසිදු ජීවයක් ඇති ප්‍රේම
වෘතාන්දරයක් නැත.
මගේ ජීවිතයට ද ප්‍රේමය විවිධ හැඩ තල පාමින්
පැමිණ ඇත. වරෙක හොර රහසේම .. තවත් වරෙක ප්‍රසිද්ධියේම. එයින් ප්‍රථම ප්‍රේමය වූ
අයෙක් මගේ මතකයේ වත් නැත. නමුත් ජීවිතය තුලට ම ලැඟ ගත් අපරිමිත ප්‍රේම වන්තයක්
පිළිබඳ මා දනිමි. ඒ මගේ රම්‍ය අවධිය වූ නොමළ
ප්‍රේමය යැයි නම් තැබීම යුතු මැයි.
ශා ජෙහාන් රජු තමන්ගේ බිසවක් සිහි වෙන්න
කිරිඟරුඬෙන් සමාධියක් ඉදි කලා ඈ මළ දායින් පසු. මේ බිසව ශා ජෙහාන් රජුගේ අතංපුර
බිසවක් වුනු මුන්ටාස්. ඔහු මේ සමාධියට ටජ්මහල එ යැයි නම් තබන ලදි. එහි සැබෑ තේරුම
මන්දිර අතර කිරුළ යන්නයි. මුන්ටාස් එහුගේ ප්‍රථම ප්‍රේමය හා එකම ප්‍රේමය නොවෙතත් ඈ
ඔහුගේ නොමළ ප්‍රේමය වන්නට ඇති වඟට සැකයක් නෑ. ටජ්මහල තුල මුන්ටාස් බිසවගේ සොහෙන
ඉදි කළ වඟ ද අතීත කතා වල සඳහන්.
අදරෙන් පැරදුණු හැම විටම කතාවට අපි කියන්නේ
මුහුදෙ ඉන්නේ එක මාළුව ද කියලා. මුහුදෙ මාළු මොන තරමට පීනු වත් මේ භවයෙදී අපි ට
රත්තරන් මාළු වෙක් අහු වෙන්නේ එකම එක වතා වක් හෝ අහුනොවන තරම්.. අනිත් මාළු
සියල්ලම අරමුණක් නැතිව අතිනත හුරතල් වෙන සංකර චරිත. ඔවුන් සමීපයේ ඇරඹෙන නුරාව සැබෑ
ලෝකයේ බොල් ආදර හීන.
No comments:
Post a Comment