Ads
Tuesday, March 3, 2015
ගිම්හානයේ දවසකට පෙර
මා මගේ වියපත් සිතුවිලි එකිනෙකට ගලපමින් අතීතාවර්ජනය කලෙමි. උන්මාද වසන්තය අහවරයි. එකි නෙකට නොපෑහෙන වර්තමානය තුල අනාගත සිහින පෙනෙනා තෙක් මානයක වත් නැත. වරෙක මරණය මා අසලට පැමිණෙතයි දැඩි බලාපොරොත්තු තබා ගෙන වුනෙ මි. නමුත්, සිහින බොඳ කරමින් මරණයට ද මා එපා වී ගොස් ඇති වඟයි මට ම - මා මෙන් ම.
දෑස් වසාගෙන සිහිපත් කරන්නට සුවපත් දිනයක් ඇත් නම්.වසන්තයේ දිනයක්. මල්, ගස් - වැල්, සීපා වුන් සුව විදිනා දිනයක්. මේ පව්කාර ගිම්හානයට පෙර දිනයක්.
සිහිනයෙන් අවදි වූවකු මෙන් අත පත ගාමින් ජීවිතය සොයා ගන්නට අපරිමිත වෑයමක යෙදුන ද සොයා ගත නොහැකි විය. කවරක් ද ජීවිතය, කිසිදාක මා නොදුටු ??
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment